WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බඩු මිල අඩු කර ජනතාවට සහනය දෙන්න – සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
April 12, 2026 · 1 min read
336 viewsf𝕏W
බඩු මිල අඩු කර ජනතාවට සහනය දෙන්න – සජිත්ගෙන් රජයට ඉල්ලීමක්
ජනතාවට බරපතළ ආර්ථික පීඩනයක් ඇති කරමින් පවතින ඉන්ධන, ගෑස්, ආහාර, ඖෂධ සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා රජයට ඉල්ලීමක් කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ අද (12) හම්බන්තොට  ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට පැමිණ ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බැලීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.
රටේ ජනතාව වැඩිවන ජීවන වියදම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත්, විදුලි බිල සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම පොහොර හිඟය හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය හා ආහාර නිෂ්පාදනය අවදානමට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුව මේ ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට තවමත් අපොහොසත් වී ඇති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
STF නිලධාරීන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
Next
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නඩත්තු සඳහා නවතයි

More in Breaking News