නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද දින තාවකාලිකව නවතා තිබේ.
බලාගාර පාර්ශ්වය සඳහන් කළේ, ඉතිරි ජනන යන්ත්‍ර භාවිතා කරමින් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
ජාතික විදුලි පද්ධතියට ප්‍රධාන දායකත්වයක් සපයන මෙම බලාගාරය ජනන යන්ත්‍ර තුනකින් සමන්විත වන අතර, එක් යන්ත්‍රයකින් මෙගා වොට් 300 බැගින් විදුලිය නිෂ්පාදනය කෙරේ.
පෙර සැලසුම් කළ නඩත්තු වැඩසටහනක් යටතේ මෙම යන්ත්‍රය තාවකාලිකව නවතා ඇති බවද වාර්තා වේ.




