අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන ජන ක්‍රීඩා සහ ක්‍රීඩා උත්සව සඳහා සුරක්ෂිතව කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොදු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
එමඟින් තරග පැවැත්වෙන ස්ථාන සහ උපකරණ පෙර පරීක්ෂා කර සුරක්ෂිතතාව සහතික කිරීමත්, වායු තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමත් අනිවාර්ය කර තිබේ.
එමෙන්ම ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපනය, හදිසි අවස්ථා සඳහා සන්නිවේදන පහසුකම් සැලසීම සහ රෝගීන් රෝහල්ගත කිරීම සඳහා සුදුසු වාහන සූදානම් කර තබන ලෙසද උපදෙස් දී ඇත.
දිගු දුර තරග සඳහා සහභාගිවන්නන් වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීම, මැරතන් තරගවලදී ජල පහසුකම් සහ වෛද්‍ය සහාය ලබාදීමත් අවශ්‍ය බව සඳහන් වේ.
උත්සව සංවිධානයේදී අධික උෂ්ණත්වය සැලකිල්ලට ගෙන සෙවණ සහිත ස්ථාන තෝරාගැනීම සහ දිගු තරග උදෑසන පැවැත්වීම වඩාත් සුදුසු බවද එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.




