මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
යාපනය කරෙයිනගර් කෝවිලම් ආසන්න මුහුදු ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
උතුරු නාවික විධානය විසින් සිදු කළ නිරීක්ෂණයකින් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි යාත්‍රා හඳුනාගෙන, එම යාත්‍රා ඉවත් කිරීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත.
එහිදී නීත්‍යානුකූලව පරීක්ෂා කළ එක් ඉන්දීය යාත්‍රාවක් සමඟ එහි සිටි ධීවරයින් 12 දෙනෙකු මෙලෙස භාරයට ගෙන ඇත.
අදාළ යාත්‍රාව සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවතී.




