WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අවුරුදු සමයේ බීමත් රියදුරන්ට විශේෂ මෙහෙයුම්

I
Ishanka Jayasuriya
April 13, 2026 · 1 min read
256 viewsf𝕏W
 අවුරුදු සමයේ බීමත් රියදුරන්ට විශේෂ මෙහෙයුම්

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය සහ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් ඇතිවිය හැකි රිය අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී ඇත.
බීමත් රියදුරන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර මහතා සඳහන් කළේය.
එමෙන්ම, උත්සව සමය තුළ දිවයින පුරා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 8,000කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, බස්නාහිර පළාතේ පමණක් 2,500කට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් සේවයට යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
උත්සව සමයේ ආහාර වැටලීම් 967ක් – නඩු 817ක්
Next
විද්‍යාපීඨ බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට

More in Breaking News