දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම සංවිධානය සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම අද (13) පස්වරු 04.00 සිට හෙට (14) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල කිහිප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා “විමසිලිමත්ව සිටින්න” යන අදියර 1 දැනුම්දීම නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, කෑගල්ල සහ රඹුක්කන කොට්ඨාසද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය සහ අඹගමුව කොට්ඨාසද, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර කොට්ඨාසද මෙම අනතුරු ඇඟවීමට ඇතුළත් වේ.
අදාළ ප්‍රදේශවල ජනතාවට කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිමින් අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් උපදෙස් ලබාදී ඇත.




