ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් හි මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස මේජර් ජෙනරාල් Roman Gofman පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ වනවිට අග්‍රාමාත්‍ය Be ගේ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ, ජූනි 2 වනදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මක වන අතර වසර 5ක කාලයක් සඳහා එය වලංගු වන බවයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති Asher Grunisගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ පත්වීම් උපදේශක කමිටුව විසින් අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
කෙසේවෙතත්, 2022 දී Golan Heights ප්‍රදේශයේ හමුදා බලසේනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුවූ සිද්ධියක් පිළිබඳව කමිටුව විශේෂ අවධානය යොමු කර තිබුණි. එහිදී, Iran, Hezbollah සහ Hamasට එරෙහිව සිදු කළ අරාබි භාෂා ප්‍රචාරණයක් සඳහා වයස අවුරුදු 17ක තරුණයෙකු යොදා ගැනීමට ඔහු අනුමැතිය ලබා දී තිබුණි.
එම සිදුවීමෙන් පසුව, අදාළ තරුණයා රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන කාලයක් ආරක්ෂක අංශ භාරයේ තබා තිබුණි. මේ සම්බන්ධයෙන් ගොෆ්මන් පවසන්නේ, එම තරුණයාගේ වයස පිළිබඳව තමන් දැනුවත් නොවූ බවත්, සමාජ මාධ්‍යයට යොදා ගැනීමට නියම කළේ රහස්‍ය නොවන තොරතුරු පමණක් බවත්ය.
මෙම සිදුවීම පදනම් කර ගනිමින් කමිටු සභාපතිවරයා ඔහු එම තනතුරට සුදුසු නොවන බව නිර්දේශ කළද, අනෙකුත් සාමාජිකයන් තිදෙනා එය බාධාවක් නොවන බව සඳහන් කර ඇත.
ඒ අනුව, වත්මන් මොසාඩ් ප්‍රධානී David Barnea ජූනි මාසයේ විශ්‍රාම ගන්නා විට ඔහු වෙනුවට ගොෆ්මන් පත්වීමට නියමිතය.
බෙලරුස්හි උපත ලැබූ ගොෆ්මන් 1990 දී වයස අවුරුදු 14 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වී තිබේ. 2023 ඔක්තෝබර් 7 දින Hamas විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර සටන් බිමට ගිය ඔහු එහිදී බරපතළ තුවාල ද ලබා තිබුණි.
ඔහු අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ සමීපයෙකු ලෙස සැලකෙන අතර, හමාස් පරාජය කිරීමෙන් අනතුරුව ගාසා තීරයේ හමුදා පාලනයක් පවත්වාගෙන යා යුතු බවටද මීට පෙර යෝජනා කර තිබේ.




