WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

I
Ishanka Jayasuriya
April 13, 2026 · 1 min read
266 viewsf𝕏W
ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින් ලියෝ පාප්වහන්සේට එරෙහිව දැඩි විවේචන එල්ල කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යුද්ධය පිළිබඳ පාප්වහන්සේ විසින් සිදුකර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම විවේචන ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, පාප්වහන්සේ අපරාධවලට අනුබල දෙන බවට චෝදනා කරමින්, න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ නගරවල සිදුවන අපරාධ පිළිබඳ ඔහුගේ අදහස් තමන්ට පිළිගත නොහැකි බවත් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, තමන් පාප්වහන්සේගේ ආධාරකරුවෙකු නොවන බවත්, ඔහු ලිබරල් අදහස් ඇති පුද්ගලයෙකු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින් Truth Social හි තම ගිණුම ඔස්සේ පළ කළ ඡායාරූපයක් ලොව පුරා දැඩි අවධානයටත් විවේචනටත් ලක්ව තිබේ.
අදාළ ඡායාරූපය මගින් තමන් ජේසුස් වහන්සේ  ලෙස නිරූපණය කරන අයුරින් පෙනී සිටින බවට විවේචකයන් පෙන්වා දෙති.
එමඟින් ලෝක සාමය ස්ථාපිත කරන අතර ජනතාවට උපකාර කරන සැබෑ ජේසුස් වහන්සේ ලෙස තමන් ඉදිරිපත් කර ඇති බවටද මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර උදාවී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විද්‍යාපීඨ බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට
Next
මොසාඩ් නව ප්‍රධානියා ලෙස රෝමන් ගොෆ්මන් පත් කිරීමට අනුමැතිය

More in World