හලාවත අඹකදවිල, ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදී අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර චීන, මැලේසියානු සහ වියට්නාම ජාතිකයින් සිටින බව පොලිසිය සඳහන් කළේය.
වැටලීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එමෙන්ම වැටලීමේදී ලැප්ටොප් පරිගණක 143ක්, ඩෙස්ක්ටොප් පරිගණක 120ක් සහ ජංගම දුරකථන 370ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන්




