WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මන්නාරම මුහුදේ ධීවර යාත්‍රා දෙකක් ගැටීමෙන් එක් අයෙක් මරුට

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
255 viewsf𝕏W
 මන්නාරම මුහුදේ ධීවර යාත්‍රා  දෙකක් ගැටීමෙන්  එක් අයෙක් මරුට
මන්නාරම වංගාලපාඩුව මුහුදු ප්‍රදේශයේ අද (15) අලුයම සිදුවූ ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටීමේ අනතුරකින් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ගැටීම හේතුවෙන් යාත්‍රා දෙකටම දැඩි හානි සිදුව ඇති අතර, එක් යාත්‍රාව පෙරළීමෙන් ධීවරයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.
අනෙක් ධීවරයන්ගේ දැඩි උත්සාහයෙන් පසුව ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම, අනතුරින් තුවාල ලැබූ තවත් ධීවරයෙකු මේ වනවිට මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය පිළිබඳව මන්නාරම පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රබල අකුණු අවදානමක් පිළිබද ජනතාවට නිවේදනයක්
Next
‘KRI BIMA SUCI’ නෞකාව සුහද සංචාරයකට ශ්‍රී ලංකාවට

More in Breaking News