ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නමින් හඳුන්වන රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණ තිබේ.
මෙම සංචාරය ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහනට අදාළව සිදු වන අතර, ඉන්දුනීසියානු නාවික හමුදා ශිෂ්‍යභට නිලධාරීන් සමඟ විදේශීය රටවල් 26ක ශිෂ්‍යභට නිලධාරීන්ද එම නෞකාවේ ගමන් කරමින් සිටිති.
නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූල පිළිගැනීමක් ලබා දී ඇත.
මෙම SAIL SHIP වර්ගයේ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුගෙන්ග් හරියන්ටෝ කටයුතු කරයි.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ නාවික හමුදා පුහුණු ලබන නිලධාරීන්ට නෞකාව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීමට නියමිත අතර, දෙරටේ නාවික හමුදා අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා විවිධ සුහද වැඩසටහන්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, නෞකාවේ සිටින පිරිසට දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක් සංචාරය කිරීමේ අවස්ථාවද ලබා දීමට නියමිතය.




