පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 07ක් පිරීම සැමරීමේ අරමුණින් හෙට (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.
එම අවස්ථාවට සමගාමීව දේවස්ථානය අවට ප්‍රදේශවල රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කර තිබේ.
ඒ අනුව උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් අවශ්‍යතාව අනුව මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරනු ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.




