WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

දසුන් ශානකට PSL තරග තහනමක්

I
Ishanka Jayasuriya
April 20, 2026 · 1 min read
248 viewsf𝕏W
දසුන් ශානකට PSL තරග තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට වසරක කාලයක් සඳහා පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියෙන් තහනම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඔහු එම තරගාවලියෙන් ඉවත්ව ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට එක්වීම මෙම තීරණයට හේතු වූ බව සඳහන් වේ.
ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන PSL තරගාවලියට දසුන් ශානකට සහභාගී වීමට නොහැකි වනු ඇත.
මෙම තීරණය පිළිබඳව තමන් කනගාටු වන බවත්, PSL රසිකයන්ට සහ පාකිස්තාන ජනතාවට සමාව ඉල්ලා සිටින බවත් දසුන් ශානක ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
ඔහු මෙවර PSL තරගාවලියේ Lahore Qalandars කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටිය ද, පසුව IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායම සමඟ එක්වීමට අවස්ථාව ලැබී තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කොච්චිකඩේ දේවස්ථාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරයි
Next
මියගිය මිදිගම ලසාගේ නිවස අසල ළිඳකින් මළ සිරුරක් සොයා ගැනේ

More in Sports