වෙඩි තබා ඝාතනය වූ බව කියන වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස අසල පිහිටි ළිඳකින් මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අඩි 35ක් පමණ ගැඹුරු ළිඳක් තුළ තිබූ මෙම දේහය අද (20) දින මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගෙන ඇත.
මියගොස් ඇත්තේ කොළඹ – ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සංඛ නමැති පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ සමීප මිතුරෙකු යැයි කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මිදිගම පොලීසිය සඳහන් කරයි.
මරණකරු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවටද තොරතුරු ලැබී ඇති අතර, ඔහු පොලිසියට අවශ්‍ය පුද්ගලයෙකුද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
සිද්ධිය ඝාතනයක්ද නැතහොත් වෙනත් ආකාරයක අනතුරක්ද යන්න සොයා බැලීම සඳහා මිදිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලට යොමු කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.




