WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

නීතිවිරෝධී රථ 20ක් සමග සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
316 viewsf𝕏W
නීතිවිරෝධී රථ 20ක් සමග සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවට
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සඳහන් කළේ නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී රථ 20ක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම රථ සංවිධානාත්මක අපරාධ සඳහා යොදා ගෙන තිබූ අතර, නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවත් කොට්ඨාශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිව සිටින පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් ලද තොරතුරු මත කොළඹ, කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල එකලස් කරන ලද රථ සොයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව තවත් නීතිවිරෝධී රථ 40කට ආසන්න සංඛාවක් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් කටයුතු කරමින් සිටිති. එම රථ භාවිතා කර සිදු කරන ලද ඝාතන, කප්පම් ගැනීම් සහ පහරදීම් ආදී අපරාධ පිළිබඳව තවදුරටත් විමර්ශණ සිදු කිරීමට නියමිත බවත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා, ඒ ඒ බල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ රථ සොරකම් වී ඇත්නම් හෝ අස්ථානගත වී ඇත්නම් 0112947780 අංකයට දැනුම් දීමටයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඛනිජතෙල් බෙදුම්කරුවන් වට්ටම් ඉහල දැමීමට ඉල්ලීම්
Next
පංජාබ් කණ්ඩායමට දඩ

More in Breaking News