පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය සඳහා නව නිලධාරින් 56 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.
මෙම පත්වීම් ලබාදීම සිදු කර ඇත්තේ සමන්ත විද්‍යාරත්න මහතා විසින්ය.
දිගුකාලීනව පැවති මානව සම්පත් හිඟය පිරවීම මගින් පොල් ක්ෂේත්‍රයේ පරිපාලන, තාක්ෂණික සහ ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වේ.
ඒ අනුව අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය කළමනාකරු, ව්‍යාප්ත නිලධාරි, පර්යේෂණාගාර සහායක, කාර්මික සහකාර, ක්ෂේත්‍ර නිලධාරි සහ ගොවිපල සැලසුම් නිලධාරි වැනි පුරප්පාඩු වූ තනතුරු රැසකට අදාළ පත්වීම් මෙහිදී ලබාදී ඇත.




