ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කළ පසුගිය වසරට අදාළ වාර්ෂික ආර්ථික විවරණය, මූල්‍ය ප්‍රකාශන සහ මෙහෙයුම් වාර්තා නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදී.
මෙම වාර්තා භාරදීම අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
වාර්ෂික ආර්ථික විවරණය මහ බැංකුවේ ප්‍රධාන ප්‍රකාශනයක් වන අතර, එමගින් පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සිදුවූ වෙනස්කම් සහ ප්‍රවණතා විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.




