WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

Walk For Peace” සඳහා පඤ්ඤාකර හිමි ප්‍රමුඛ සංඝරත්නය දිවයිනට - ආලෝකත් එයි

I
Ishanka Jayasuriya
April 21, 2026 · 1 min read
236 viewsf𝕏W
Walk For Peace” සඳහා පඤ්ඤාකර හිමි ප්‍රමුඛ සංඝරත්නය දිවයිනට - ආලෝකත් එයි
සාමය ප්‍රචාරණය කරමින් පැවැත්වෙන “Walk For Peace” පාගමනට සහභාගී වීම සඳහා වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන ශ්‍රී ලංකාවට වැඩම කළහ.
මෙම අවස්ථාවට “ආලෝකා” නම් සුනඛයාද ආරක්ෂිතව මෙරටට රැගෙන ආ බව සඳහන් වේ.
ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් මෙම “Walk For Peace” වැඩසටහන අද සිට 28 වනදා දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන අතරතුර, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි අංකුරයක්ද වැඩමවීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, “Clean Sri Lanka” වැඩසටහන, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සහාය දක්වයි.
පාගමන කාලය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, සාම්ප්‍රදායික කලා හා ශිල්ප ජනතාවට හඳුන්වා දීම ද මෙහි අරමුණක් ලෙස සැලකෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
🕯️ පාස්කු ප්‍රහාරයට වසර 7ක් – නොමැකෙන මතක, නිමාව නොවන වේදනාව
Next
කිලෝග්‍රෑම් 85ට අඩු බර පංතියේ නවසීලන්ත රගර් කණ්ඩායම දිවයිනට

More in Breaking News