කිලෝග්‍රෑම් 85ට අඩු බර පංතියේ නවසීලන්ත රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබේ.
නිලධාරීන් සහ ක්‍රීඩකයින් 38 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඊයේ (20) රාත්‍රී 10.25ට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්–605 ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම සමඟ අප්‍රේල් 25 දින කොළඹ තුරග තරග පිටියේදීත්, මැයි 03 දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීත් තරග දෙකකට සහභාගී වීමට නියමිතය.
කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ




