ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන ඇපල් සමාගමෙ හි නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතය.
වසර 15ක් පුරා සමාගමට නායකත්වය දුන් ටිම් කුක් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර, ඔහුගේ ස්ථානයට ජෝන් ටර්නස් මහතා පත් කර ඇත.
දැනට දශක දෙකහමාරකට අධික කාලයක් ඇපල් සමාගම තුළ සේවය කර ඇති ටර්නස් මහතා, දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටී. ඔහු එළඹෙන සැප්තැම්බර් 1 වනදා සිට නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ටිම් කුක් මහතා එමෙන්ම ඉදිරියට සමාගමේ විධායක සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බවද සඳහන් වේ.




