ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොකා මල්ලි” නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර ඔහු ගිනිඅවියක් පෙන්වා මරණ තර්ජන කර බියවැද්දීම යන චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
එමෙන්ම, අදාළ ගිනිඅවියේ බලපත්‍රය කල් ඉකුත් වී තිබූ බවද වාර්තා වේ.




