Maldives මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා නව දැඩි ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව යන හා නැවත ගොඩබිමට පැමිණෙන සියලුම යාත්‍රා, Maldives Exclusive Economic Zone හරහා ගමන් කරන විට මෙම නව නීතිරීති අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය.
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේ, මාලදිවයින් නීතිවලට පටහැනිව එරට මුහුදු සීමාවට ඇතුළු වන යාත්‍රා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා බවයි. එවැනි අවස්ථාවලදී යාත්‍රා නිදහස් කිරීම සඳහා අතිවිශාල දඩ මුදල් පනවනු ලබන අතර, එය යාත්‍රා හිමිකරුවන්ට දැඩි මූල්‍ය බරක් වන බවද ඔහු පැවසීය.
තවද, මෙවැනි නීතිමය ගැටළු වලදී මැදිහත් වීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බැවින්, ධීවරයින් නව නීතිරීති තරයේ පිළිපැදිය යුතු බව ද අවධාරණය කර ඇත.
නව ක්‍රියා පටිපාටිය අනුව
මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර, නියමිත අයදුම්පත පුරවා [email protected] සහ [email protected] යන ඊමේල් ලිපිනයන් දෙකටම යොමු කළ යුතුය.
යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පත්‍රිකාව, කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපය සහ ගමන් මාර්ග සිතියම ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
අදාළ ලේඛන නියමිත ඊමේල් ලිපිනයන් වෙත යොමු කළ යුතුය.
මෙම නීති උල්ලංඝනය කිරීමෙන් සිදුවන මූල්‍ය හා වෘත්තීය හානි වලක්වා ගැනීම සඳහා සියලුම ධීවරයින් සහ යාත්‍රා හිමිකරුවන් සැලකිලිමත් විය යුතු බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.




