“Walk For Peace” නම් සාම පාගමන අද (22) පෙ.ව. 6.30ට දඹුල්ලෙන් ආරම්භ වන අතර, එය අප්‍රේල් 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී භික්ෂූන් වහන්සේ 200කට වැඩි පිරිසක් එක්ව අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා ප්‍රාන්ත 10ක් හරහා දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනක නිරත වූ අතර, එය ලෝකයේම අවධානය දිනාගත් අවස්ථාවක් විය.
එම අත්දැකීම මත “ඒහිපස්සිකෝ” ලෙස නම් කර ඇති මෙම සාම පාගමන ශ්‍රී ලංකාවේද සංවිධානය කර ඇත .
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් යුත් භික්ෂූන් වහන්සේ මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, “ආලෝකා” නම් සුනඛයෙකුද මෙම පාගමනට එක්ව සිටී.
මෙම සාම පාගමනේ පළමු දිනය වන අද, එය මාතලේ අලුවිහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.




