අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය සඳහන් කරයි.
ඔහු ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවක් මත ඊයේ (21) දින නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ, සැකකරු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටියදී අවිස්සාවේල්ලෙන් සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි.
එම අවස්ථාවේ ඔහු සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තවද, ඔහු සතුව තිබූ ගිනි අවිය සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවද පොලීසිය අනාවරණය කරයි.




