ලෝක මිහිතල දිනය අද (22) දිනට යෙදී ඇති අතර, මෙවර එය “Our Power – Our Planet” යන තේමාව යටතේ සැමරේ.
වර්තමානයේ ලෝකය මුහුණ දෙන පාරිසරික අභියෝග අතර දේශගුණික වෙනස්වීම්, ජෛව විවිධත්වය අඩුවීම, පරිසර පද්ධති විනාශය, කාර්මික අපද්‍රව්‍ය එකතුවීම සහ වනාන්තර විනාශය වැනි ගැටලු ප්‍රධාන වේ.
මෙම දිනය මුල්වරට 1970 අප්‍රේල් 22 වන දින අමෙරිකාවේදී ආරම්භ වූ අතර, පසුව එය ජාත්‍යන්තර මට්ටමින් සැමරීමට පියවර ගෙන ඇත.
පෘථිවිය සියලු ජීවීන්ගේ ජීවිතය රඳා පවතින මූලික පද්ධතියක් ලෙස හඳුනාගනිමින් එය ආරක්ෂා කිරීමේ වැදගත්කම ප්‍රකාශ කිරීමේ අරමුණින්, 2009 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම දිනය නිල වශයෙන් පිළිගෙන ඇත.




