WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
232 viewsf𝕏W
සෞඛ්‍ය අමාත්‍යාංශයේ  හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුව සිදුකර ඇති අතර, සැකකරු නීති නිලධාරියෙකු ලෙස සේවය කරන සමයේ ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශයට බදු පදනම මත ලබාදී තිබූ බව සඳහන් වේ.
පසුව, එම බදු ගිවිසුම් කාලය දිගු කිරීම සඳහා ගිවිසුම් 03ක් සකස් කරදීම වෙනුවෙන් ගාස්තු ලෙස රුපියල් 4,134,887ක් ඉල්ලා, එයින් රුපියල් 2,000,000ක් ලබාගෙන ඇති අතර, ඉතිරි මුදල් ලබාදෙන ලෙසත් ඉල්ලීම් කර ඇති බව අනාවරණය වී ඇත.
තවද, ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් අදාළ සමාගම නමින් මහජන බැංකුවේ ගිණුමකින් නිකුත් කළ චෙක්පතක් මුදල් කරගෙන ලබාගෙන ඇති අතර, එය තුටු පඬුරු ඉල්ලා ලබාගැනීමක් ලෙස සැලකේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ඊයේ (21) පස්වරු 3.45ට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලෝක මිහිතල දිනය අදයි
Next
ICC ක්‍රිකට් ප්‍රධාන තනතුරෙන් වසීම් ඛාන් ඉල්ලා අස්වෙයි

More in Breaking News