වසර හතරක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ වසීම් ඛාන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු 2022 මැයි මාසයේදී එම ධුරයේ වැඩ භාර ගත් අතර, ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ වැදගත් වගකීම් රැසක් ඉටු කළ බව සඳහන් වේ.
වමත් පිතිකරුවෙකු ලෙසද ක්‍රීඩා කර ඇති ඔහු වෝර්වික්ෂයර්, සසෙක්ස් සහ ඩර්බිෂයර් කණ්ඩායම් සඳහා පළමු පෙළ තරග 58ක් සහ ලිස්ට් A තරග 30ක් ක්‍රීඩා කර ඇත.
පසුගිය වසර දෙක තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුම සිය ධුරවලින් ඉවත් වී ඇති අතර, වසීම් ඛාන්ගේ ඉල්ලා අස්වීමද එම ප්‍රවණතාවයේ තවත් සිදුවීමක් ලෙස සැලකේ.
ඒ අනුව, ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජෙෆ් ඇලර්ඩයිස් මහතා වෙනුවට සංජෝග් ගුප්තා මහතා පත් කර ඇති අතර, තරගාවලි ප්‍රධානී ලෙස ක්‍රිස් ටෙට්ලි මහතා වෙනුවට ගෞරව් සක්සේනා මහතා පත් කර ඇත.
එමෙන්ම, දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා වෙනුවට ඇන්ඩෘ එෆ්ග්‍රේව් මහතා පත් කර ඇති බවද වාර්තා වේ.




