පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් 04 වන දින මධ්‍යහ්න 12.00ට අවසන් වී තිබේ.
මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතරින් 435 දෙනෙකු, එනම් මුළු පිරිසෙන් සියයට 96ක් පත්වීම් සඳහා සාර්ථකව අයදුම් කර ඇති බව වාර්තා වේ.
මෙම වෛද්‍ය නිලධාරීන්ගේ අයදුම් සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කරගෙන නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය හිඟය සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන සහ සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.




