WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Health

ජනගහනයෙන් 33%කට පෝෂ්‍යදායී ආහාර හිඟය – ලෝක බැංකුව

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
358 viewsf𝕏W
ජනගහනයෙන් 33%කට පෝෂ්‍යදායී ආහාර හිඟය – ලෝක බැංකුව
World Bank නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 33කට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ හැකියාව නොමැති බව හෙළි වී තිබේ.
එමෙන්ම, වර්තමාන ආර්ථික වර්ධන වේගය අනුව ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණ තරුණියන්ගෙන් බහුතරයකට රැකියා අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බවද වාර්තාව පෙන්වා දෙයි.
ඉදිරි වසර 10 තුළ තරුණ තරුණියන් ලක්ෂ 10ක් පමණ රැකියා වෙළඳපොළට පිවිසීමට නියමිත අතර, එම කාලය තුළ නිර්මාණය වන්නේ නව රැකියා අවස්ථා ලක්ෂ 3ක් පමණක් බවද සඳහන් වේ. ඒ අනුව, රැකියා වෙළඳපොළට පිවිසෙන සෑම 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුටම සුදුසු රැකියාවක් නොලැබීමේ අවදානමක් පවතින බවයි වාර්තාව අවධාරණය කරන්නේ.
තවද, 2019 වසරේදී සියයට 11.5ක් ලෙස පැවති දරිද්‍රතා මට්ටම, 2023 වසරේදී ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියයට 27.5 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, පසුගිය වසර අවසානය වන විට එය සියයට 22.3 දක්වා අඩුවී ඇති අතර, ඉදිරි වසර 2ත් 5ත් අතර කාලය තුළ එය සියයට 20 සීමාවේ පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කරයි
Next
ඉරානයට පැය 48ක අවසාන අනතුරු ඇඟවීමක්

More in Health