ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය සමඟ පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේ සිය ස්ථාවරය තවදුරටත් දැඩි කර ඇත. මීට පෙර ලබා දුන් සහන කාලය අවසන් වූ බව පෙන්වා දී, ඉදිරියට ඉතිරිව ඇත්තේ පැය 48ක කාලසීමාවක් පමණක් බව ඔහු සඳහන් කර ඇත.
ඔහු පෙන්වා දී ඇත්තේ, මෙම කාලය තුළ ඉරානය විසින් ධනාත්මක පියවරක් නොගත්හොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි. එමෙන්ම, ඉරානය විසින් නව එකඟතාවකට පැමිණීම හෝ අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කර ඇත.
මෙම ප්‍රකාශය සමඟ මැදපෙරදිග කලාපයේ තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, ජාත්‍යන්තර අවධානය මේ වනවිට ඒ වෙත යොමුවී ඇත.




