හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය විසින් “Lifetime Achievement Honour Award” නම් වූ විශේෂ සම්මානයක් පිරිනමා ඇත.
මෙම සම්මානය විශ්වවිද්‍යාල සනාතන පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ප්‍රදානය කර ඇති අතර, පුද්ගලයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ගෞරවයක් ලෙස සැලකේ.
අස්සජි නාහිමියන් විසින් දශක ගණනාවක් පුරා ආගමික නායකත්වය, දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපනය, අන්තර් ආගමික සහජීවනය, සංහිදියාව සහ ප්‍රජා සංවර්ධනය සඳහා ඉටුකළ සුවිශේෂී සේවාව මෙම සම්මානය හරහා ඇගයීමට ලක් කර ඇත.
මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ නියෝජ්‍ය උපකුලපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණි.




