WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

පාස්කු උදාවේදී එකමුතුවට ජනාධිපතිවරයාගේ ආරාධනාව

I
Ishanka Jayasuriya
April 5, 2026 · 1 min read
322 viewsf𝕏W
පාස්කු උදාවේදී එකමුතුවට ජනාධිපතිවරයාගේ ආරාධනාව
අද (05) යෙදී ඇති පාස්කු ඉරු දිනය වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ප්‍රේමය, ඉවසීම සහ සමාව දීම යන උතුම් ගුණයන් මගින් සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීමට සියලු ජනතාවට ආරාධනා කර තිබේ.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය බලාපොරොත්තුව, අලුත් වීම සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන බවයි. එමෙන්ම පාස්කු උත්සවය මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ නැවත සිතා බැලීමට අවස්ථාවක් සපයන බවද ඔහු පෙන්වා දී ඇත.
තවද, ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් ජනතාව විඳින පීඩා පිළිබඳ ද අවධානය යොමු කරමින්, යුද්ධය වෙනුවට සාමය සහ සහජීවනය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
අවසන් වශයෙන්, සියලු ශ්‍රී ලාංකිකයින්ට සහ ලෝවැසි කිතුනු බැතිමතුන්ට දයාවෙන්, සාමයෙන් සහ සතුටින් පිරි සුබ පාස්කු මංගල්‍යයක් වේවායි ජනාධිපතිවරයා සුභ පැතුම් එක් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර සම්මානයක්
Next
ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක්

More in Breaking News