පාස්කු ඉරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විශ්වාසය සහ සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව ප්‍රකාශ කළේය.
එමෙන්ම ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීමද රටේ සියලු ජනතාවගේ පොදු වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.
2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ වේදනාබර මතකය තවමත් ජනතාව අතර පවතින බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, එම ප්‍රහාරයෙන් විපතට පත් පිරිසට යුක්තිය ඉටු කිරීමට මෙතෙක් නොහැකි වීම රටක් ලෙස ලැබූ විශාල පරාජයක් බව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම විපතට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම සහ සත්‍ය හෙළි කිරීම රාජ්‍ය පද්ධතියේ අත්‍යවශ්‍ය වගකීමක් බවත්, නීතියේ ආධිපත්‍යය සහ විනිවිදභාවය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් ඔහු සඳහන් කළේය.
අවසන් වශයෙන්, සියලු ජාති, ආගම් සහ ප්‍රජා එකට එක්ව සාමය සහ එකමුතුව මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙසද ඔහු ජනතාවට ආරාධනා කළේය.




