WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

එකමුතු ශ්‍රී ලංකාවක් සඳහා අග්‍රාමාත්‍යවරියගේ ආරාධනාව

I
Ishanka Jayasuriya
April 5, 2026 · 1 min read
331 viewsf𝕏W
එකමුතු ශ්‍රී ලංකාවක් සඳහා අග්‍රාමාත්‍යවරියගේ ආරාධනාව
පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, සියලු භේදයන් දුරු කර සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතු බව සඳහන් කළාය.
පාස්කු දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වීම සිහිපත් කරමින්, එම පණිවුඩය අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව පෙන්වා දෙන බවද ඇය පෙන්වා දුන්නාය.
ජීවිතයේ අභියෝග, දුක් වේදනා සහ බාධක පැමිණීම ස්වභාවික වුවද, කිසිදු අඳුරු කාලයක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුව උදාවන බවත් පාස්කු පණිවුඩය මඟින් සිහිපත් කරන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ ජනතාව පීඩා විඳින බවද ඇය සඳහන් කළාය. එවැනි අවස්ථාවක වෛරය වෙනුවට සාකච්ඡාව, අවබෝධය සහ සාමය වර්ධනය කිරීමේ අවශ්‍යතාවයද ඇය අවධාරණය කළාය.
අවසන් වශයෙන්, ප්‍රේමය, ඉවසීම සහ සමාව දීම යන උතුම් ගුණයන් හදවත තුළ වර්ධනය කරගෙන එකමුතු සමාජයක් ගොඩනැගීමට සියලු ජනතාවට අග්‍රාමාත්‍යවරිය ආරාධනා කළාය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක්
Next
නාමල් රාජපක්ෂගෙන් පාස්කු සුබ පැතුම්

More in Breaking News