පාස්කු ඉරු දින වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, සියලු කිතුනු බැතිමතුන්ට කරුණාව සහ දයාව පිරුණු පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කළේය.
ඔහු සඳහන් කළේ, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අසීමිත කැපකිරීම් සිදු කරමින් මානව දයාව පෙන්වා දුන් ජේසුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු මංගල්‍යය අද දිනයේ සමරනු ලබන බවයි.
එමෙන්ම, එකිනෙකා කෙරෙහි කරුණාව සහ දයාව වර්ධනය කරගනිමින් සමාජයක් ලෙස එකමුතුව ජීවත් වීමේ වැදගත්කමද ඔහු මෙම පණිවිඩය මඟින් අවධාරණය කළේය




