ඉරානය තුළ සිරවී සිටි ඇමරිකානු ගුවන් හමුදා නිලධාරියෙකු අතිශය සාර්ථක ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසු බේරාගෙන ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, මෙම මෙහෙයුම ඇමරිකානු හමුදා ඉතිහාසයේ සිදුකළ අවදානම් සහගතම මෙහෙයුම් අතර එකක් ලෙස සැලකේ.
මෙලෙස බේරාගෙන ඇත්තේ ඉරාන ගුවන් සීමාවේදී වෙඩි තබා බිම හෙලන ලද F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක සේවය කළ කර්නල්වරයෙකි. ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සතුරු බලපෑම් මධ්‍යයේ රැඳී සිටියදී, චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් ඔහුගේ ස්ථානය හඳුනාගෙන මෙහෙයුම සැලසුම් කර තිබුණි.
මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා නවීන අවිවලින් සන්නද්ධ ගුවන් යානා කිහිපයක් යොදාගෙන ඇති අතර, කිසිදු ජීවිත හානියකින් තොරව මෙය සාර්ථකව නිම කර තිබේ.
තුවාල ලබා සිටි නිලධාරියා මේ වනවිට ආරක්ෂිතව සිටින අතර, ඉක්මනින් සුවය ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, තවත් ඇමරිකානු නියමුවෙකුද මීට පෙර මෙවැනි මෙහෙයුමකින් බේරාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම මෙහෙයුම ඇමරිකානු හමුදා බලයේ ශක්තිය හා කාර්යක්ෂමතාවය මැනවින් පෙන්නුම් කරන බව සඳහන් වේ.




