වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බත් සහ වෑංජන, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු වැනි ආහාර වර්ගවල මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම තීරණය අද (06) මධ්‍ය රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන බව සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාමට සාපේක්ෂව කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට ද තීරණය කර ඇත.




