WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

2026 ඡන්ද හිමි නාම ලේඛනය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

I
Ishanka Jayasuriya
May 17, 2026 · 1 min read
177 viewsf𝕏W
2026 ඡන්ද හිමි නාම ලේඛනය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, 2009 පෙබරවාරි 01ට පෙර උපත ලැබූ පුද්ගලයින් තම නම ඡන්ද හිමි ලේඛනයට ඇතුළත් වී තිබේදැයි ග්‍රාම නිලධාරී කාර්යාලය හරහා තහවුරු කරගත යුතු බවයි සඳහන් වන්නේ.
එමෙන්ම නම, ලිපිනය හෝ ජාතික හැඳුනුම්පත් තොරතුරුවල සංශෝධන අවශ්‍ය පුද්ගලයින් ද ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දිය යුතු බව කොමිසම පවසනවා.
ඉදිරි ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර තම පුද්ගලික තොරතුරු නිවැරදිව සටහන් වී ඇති බව තහවුරු කර ගන්නා ලෙසට ද මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සයිබර් අපරාධ පරීක්ෂණ හමුවේ වරාය නගර කොමිසම ක්‍රියාත්මක වෙයි
Next
අමිත් වීරසිංහ අත්අඩංගුවට

More in Breaking News