ඇල්ල සහ දිගන ප්‍රදේශවල කබානා ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව පවසමින් ජනතාවගෙන් මුදල් ආයෝජන ලබාගෙන කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි චෝදනා කරමින් අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහ සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 20 සහ 30 බැගින් මුදල් ආයෝජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී, ප්‍රකාශිත කබානා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය සඳහා විශාල පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ආයෝජනය කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත සිදු කෙරෙනවා.




