ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටුවා වසර 224ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ “සරුසාර සසුන් කෙත” කුල දරුවන් සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය කළුතර බෝධි පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
කළුතර ප්‍රධාන පාලම් දෙක අතර තලව්ව ප්‍රදේශයෙන් ආරම්භ වූ දර්ශනීය පෙරහැරකින් කුල දරුවන් කළුතර බෝධිය වෙත කැඳවාගෙන එනු ලැබූ අතර, අනතුරුව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යෝත්සවයේ කටයුතු සිදු කෙරුණා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විදේශ තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියා.




