WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ICC නියෝජිතයින් ජනපති හමුවෙයි

I
Ishanka Jayasuriya
May 17, 2026 · 1 min read
169 viewsf𝕏W
ICC නියෝජිතයින් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අනාගත සැලසුම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත පිරිස අද කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ දේවාජිත් සකියා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර, ඔවුන් ජනාධිපති හමුවට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී නව පරිපාලන නිලධාරීන් සමඟද සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙර පාලක මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පත් කළ “ක්‍රිකට් පරිවර්තන කමිටුව” මේ වනවිට පරිපාලන කටයුතු භාරව කටයුතු කරනවා.
ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවට, ඉදිරි නිලවරණය දක්වා ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීම සහ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අමරපුර නිකායට වසර 224යි
Next
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට හනීෆ් යූසුෆ් සූදානම්

More in Breaking News