WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට හනීෆ් යූසුෆ් සූදානම්

I
Ishanka Jayasuriya
May 17, 2026 · 1 min read
187 viewsf𝕏W
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට හනීෆ් යූසුෆ් සූදානම්
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව නිල නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ, ආණ්ඩුකාරවරයා ලෙස ඇති වගකීම්, විදේශීය සෘජු ආයෝජන සඳහා ජනාධිපති විශේෂ දූතයා ලෙස ඉටු කරන කාර්යභාරය සහ පවුල් කටයුතු එකවර පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බවයි.
ඒ හේතුවෙන් තමන් ධුරයෙන් ඉවත් වීමට ඇති කැමැත්ත මීට පෙරද ජනාධිපතිවරයා වෙත දන්වා තිබූ බව ඔහු පවසනවා.
කෙසේ වෙතත්, නව ආණ්ඩුකාරවරයෙකු පත් කරන තෙක් පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තවදුරටත් ධුරයේ රැඳී සිටීමට තීරණය කළ බවද හනීෆ් යූසුෆ් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වූ පසුවද ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ කටයුතු සඳහා ජනාධිපති විශේෂ දූතයා ලෙස ස්වේච්ඡාවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහුගේ නිවේදනයේ දැක්වෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ICC නියෝජිතයින් ජනපති හමුවෙයි
Next
මාලදිවයිනේ දිය යට ගුහාව ජීවිත පහක් බිලිගනී

More in Breaking News