WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

මාලදිවයිනේ දිය යට ගුහාව ජීවිත පහක් බිලිගනී

I
Ishanka Jayasuriya
May 17, 2026 · 1 min read
178 viewsf𝕏W
මාලදිවයිනේ දිය යට ගුහාව ජීවිත පහක් බිලිගනී
මාලදිවයිනේ වාවු අතොළු මුහුදු ප්‍රදේශයේ පිහිටි අතිශය අවදානම් සහගත දිය යට ගුහාවක සිරවී සිටින ඉතාලි ජාතික කිමිදුම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ මෙහෙයුම අතරතුර, මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ හමුදා කිමිදුම් නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
43 හැවිරිදි සැරයන් මොහොමඩ් මහූදි නම් මෙම නිලධාරියා, සහන මෙහෙයුමේ දෙවන අදියරේදී මුහුදු පෘෂ්ඨයට පැමිණෙමින් සිටියදී ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය බ්‍රහස්පතින්දා “Duke of York” නෞකාවෙන් පැමිණි ඉතාලි ජාතික කණ්ඩායමක් ගුහා ගවේෂණයක නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදී කිමිදුම් උපදේශක ජියන්ලූකා බෙනඩෙට්ටිගේ සිරුර ගුහාව අසලින් සොයාගෙන ඇති අතර, සරසවි මහාචාර්යවරියක ඇතුළු තවත් සිව්දෙනෙකුගේ සිරුරු තවමත් ගුහාව තුළ සිරවී ඇතැයි සැක කෙරෙනවා.
අනතුරට ලක්වූ ගුහාව මීටර් 70ක ගැඹුරකින් සහ මීටර් 200ක දිගකින් යුක්ත බවත්, එය ඉතා අභියෝගාත්මක ගවේෂණ ස්ථානයක් බවත් සඳහන්.
මේ අතර, ඉතාලි රජයේ ඉල්ලීම මත ජාත්‍යන්තර කිමිදුම් ආරක්ෂණ සංවිධානයකට අයත් විශේෂඥ කිමිදුම්කරුවන් මාලදිවයිනට පැමිණ ඇති අතර, නව සෙවීමේ මෙහෙයුමක් සඳහා ඔවුන් දේශීය වෙරළාරක්ෂක බලකාය සමඟ එක්ව කටයුතු කරමින් සිටිනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට හනීෆ් යූසුෆ් සූදානම්
Next
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

More in World