වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
පොලිස් සේවය වෘත්තීමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා රජය මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
පොලිසියේ මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙස නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමේ ක්‍රියාවලියද මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




