හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබේ.
අද (23) පැවති එම සංගමයේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ නිලවරණයේදී, සභාපති සහ උප සභාපති යන තනතුරු දෙකම සමගි ජන බලවේගය විසින් හිමිකර ගනු ලැබීය.
සභිකයින් 100 දෙනකුගෙන් සමන්විත මහ සභාව සඳහා තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 7 දෙනා අතරින්, සමගි ජන බලවේගයට සභිකයින් 4 දෙනෙකු හිමිව තිබේ.
එමෙන්ම ජාතික ජන බලවේගයට ට සභිකයින් දෙනෙකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් සභිකයෙකුත් තේරී පත්ව ඇත.




