පොලු සහ මුඟුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවන් පස්දෙනෙකුට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම කිරීමට බලපිටිය මහ අධිකරණය ඊයේ (22) නියෝග කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ එකම පවුලේ පියා, පුතුන් සහ ඥාතීන් පස්දෙනෙකුට බව වාර්තා වෙයි.
විත්තිකරුවන් අතින් ඝාතනයට ලක්ව තිබුණේ බටපොළ, බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2007 ජූලි 29 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පවුල් ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.
චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.




