වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින සබඳතා සම්බන්ධයෙන් සිදුකෙරෙන මැදිහත්කරණ උත්සාහයන්හි යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව මාර්කො රූබියො ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශයක් ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කිරීමට ඉඩකඩ පවතින බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇති බවයි.
ඇමෙරිකා සහ ඉරාන අතර පවතින සබඳතා සම්බන්ධයෙන් මෑත කාලයේ සිට විවිධ මට්ටම්වල සාකච්ඡා සහ මැදිහත්කරණ උත්සාහයන් සිදු වෙමින් පවතී.




