SriLankan Airlines පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන වංචනික ක්‍රියාකාරකම් වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
එම සමාගම සඳහන් කරන්නේ, ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් පණිවුඩ සහ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි.
මෙවැනි වංචනිකයින් විසින් ජංගම යෙදුම් ස්ථාපනය කිරීමට, දුරකථන තිරය හුවමාරු කිරීමට සහ එක්වරක් භාවිත කළ හැකි මුරපද, බැංකු රහස් අංක, කාඩ්පත් තොරතුරු වැනි සංවේදී දත්ත ලබා දීමට ඉල්ලා සිටින බවද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, තම සමාගම ටිකට් නිකුත් කිරීම, ප්‍රවර්ධන වැඩසටහන් හෝ වෙනත් කිසිදු කාර්යයක් සඳහා දුරකථන ඇමතුම් මගින් පාරිභෝගිකයන් සම්බන්ධ කර නොගන්නා බව එම සමාගම අවධාරණය කරයි.
එමෙන්ම, මෙවැනි සැකසහිත ඇමතුම් හෝ පණිවුඩ ලැබෙන විට පුද්ගලික හා මූල්‍ය තොරතුරු හෙළි නොකරන ලෙසත්, එවැනි සිද්ධි සම්බන්ධයෙන් වහාම අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් ජනතාවට ඉල්ලා සිටී.




