වික්ටෝරියා ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන දරුණු Influenza වෛරස ප්‍රභේදයෙන් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත බලධාරීන් දෙමාපියන්ට දැනුම් දී තිබේ.
මෙම ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරිය සඳහන් කළේ, වයස අවුරුදු පහට අඩු දරුවන්ට මෙම රෝග ලක්ෂණ දැඩි ලෙස බලපෑ හැකි බවයි.
පසුගිය වසරේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගල මරණ එක් දහස් හත්සිය තිස් අටක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.
ඒ අනුව, දරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කිරීම හා රෝග ලක්ෂණ පෙනී යන විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බව බලධාරීන් අවධාරණය කරයි.




