ටිල්වින් සිල්වා මහතා පවසන්නේ, මෙම වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොපවතින බවයි.
යාපනයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණද “දිට්වා” කුණාටුව හේතුවෙන් රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කිරීමට සිදුවූ බවය.
එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නීතිමය ක්‍රමවේදය සම්බන්ධයෙන්ද ගැටලු පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ඇති අතර එහි වාර්තා ලැබීමෙන් පසුව ඉදිරි තීරණ ගන්නා බවද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ඉන්දියාවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද ඔහු අවධාරණය කළ අතර, දෙරට අතර මිත්‍රශීලී සහ අවබෝධාත්මක සබඳතාවක් පවතින බවද කියා සිටියේය.




